Home » මරදානේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

මරදානේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

by yasara
October 30, 2023 12:33 pm 0 comment

මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ (29) අලුයම එම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසියේ විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කර තිබිණි.

රෝහලට ඇතුළත් කරන විටත්  එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි

කෙසේ වෙතත් මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT