427
මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ (29) අලුයම එම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසියේ විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කර තිබිණි.
රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි
කෙසේ වෙතත් මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.