රජයේ පාසල්වල උපාධි ගුරු හිඟය පියවීමට ගන්නා පියවර ව්‍යර්ථ කිරීම සඳහා කුමන්ත්‍රණකාරි ලෙස උපාධිධාරි සංවර්ධන නිලධාරීන් පොළඹවා ගනිමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන පෙත්සම් සඳහා යැයි පවසමින් මුහුණු පොත හරහා සිදු කෙරෙන මුදල් රැස් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
2018න් පසු විදුහල්පතිවරුන් 4700ක් පත් කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඇති වු සමථකරණය මඟින් අධ්‍යාපන අමාත්‍යාශය පත්වීම් ලබාදීමට පියවර ගෙන ඇත.
මේ පිළිබඳව නැවතත් නඩු ගොනුකර පත්වීම් ලබාදීම ප්‍රමාද කිරීමේ අරමුණින් පිරිසක් කටයුතු කරන බවට ද වාර්තා වී ඇත. තවද, මේ සඳහා ද මුදල් රැස් කරන බවට ද වාර්තා ලැබී තිබේ.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රහස් පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇත.