අයගම ප්‍රදේශයේදී මොට ආයුදයකින් පහර දී 45 හැවිරිදි කාන්තාවක් ඊයේ ( 29) රාත්‍රි කාලයේ ඝාතනය කිරිම සම්බන්ධව කළක් ඇයගේ අනියම් සැමියා වු පුද්ගලයා අයගම පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අයගම වත්තඉන්නකන්ද ප්‍රදේශයේ පදිංචි අයබද්ද හේවගේ තනූජා හිමාලී අත්තනායක නැමැති ( 45) හැවිරිදි කාන්තාවක් බව අයගම පොලිසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ බවට සැකපිට එම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අයගම පොලිසිය පැවසීය .
අයගම නගරයේ අතුරු මාර්ගයකදී මෙම ඝාතනය සිදු කර ඇත.
ඝාතනයට ලක් වූ කාන්තාව සහා සැකකරු 2016 වර්ෂයේ සිට එකම නිවසක නීතියානුකූලව විවාහ නොවී ජිවත්ව ඇති බවත් ඔහුන් දෙදෙනාම කලින් විවාහ වූ දෙදෙනෙකු බව අනාවරණය වී තිබෙයි.
පසුගිය කාලයේ දෙදෙනා අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් එම කාන්තාව ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති අතර නැවත ඇය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය පැවසීය .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ .