Home » කිං කෝලි දැන් ගූගල් රජු වෙලා

කිං කෝලි දැන් ගූගල් රජු වෙලා

by mahesh
October 27, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් පිටියේදී ප්‍රමුඛයකු සේම අන්තර්ජාල ගූගල් සෙවුම් පිටුවේ ද රජු බවට පත්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි. මේ වසරේ ලොව පුරා ගූගල්හි වැඩිපුරම සෙවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා අතරට කෝලි ද එක්වූවේය. මේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතර සිටින එකම ආසියානු ක්‍රීඩකයා කෝලි පමණක් වීම විශේෂත්වයකි.

විරාත් කෝලිට ලොව පුරා රසික රසිකාවියන් කොපමණ සිටිනවාද යන්න මෙයින් පැහැදිලි වන අතර, මේ වන විට මිලියන 68ක පිරිසක් ගූගල්හි විරාත් කෝලිගේ නම සොයා කෝලි ගැන බොහෝ දේ දැන ගැනීමට උනන්දු වී තිබේ.

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, නේමාර්, ලයනල් මෙසී සහ පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් මේ ලැයිස්තුවේ මුල් ස්ථාන හතරේ සිටිති. මිලියන 199.4ක ජනතාවක් වැඩිපුරම සොයා ඇත්තේ රොනාල්ඩෝ වන අතර, ඉන්පසු මිලියන 140.9ක ජනතාවක් නේමාර් ද, මිලියන 104.4ක ජනතාවක් ලයනල් මෙසී ද, මිලියන 72.1ක ජනතාවක් ලෙබ්‍රොන් ජේම්ස් ද ගූගල් සෙවීමට ලක්කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT