Home » කොළඹ ආනන්දය 6 වැනි ජයත් ලබයි
19න් පහළ සීමිත ඕවර ක්‍රිකට්

කොළඹ ආනන්දය 6 වැනි ජයත් ලබයි

by mahesh
October 27, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
ඉෂාර සහ රොෂාන්

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගවලදී තම හයවැනි ජය වාර්තා කිරීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් විය.

මහනුවර ධර්මරාජ විදුහල සමඟ පැවති තරගයෙන් ආනන්ද විදුහලට කඩුලු 10ක පහසු ජයක් හිමි වූ අතර, පළමු වටයේ තරග 8ක් ක්‍රීඩා කරමින් ඔවුහු මේ ජය වාර්තා කළහ.

මේ අතර පළමු වටයේදී තම තෙවැනි ශතකය රැස් කිරීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉෂාර ඒකනායක සමත් වූයේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 101ක් රැස් කරමිනි. වත්තල සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කොළඹ සහිරා විදුහලේ රොෂාන් කරීම් ද ශතකයක් රැස් කළේය.

කොළඹ ආනන්දයට කඩුලු 10ක ජයක්

ධර්මරාජ – 118 (ඕවර 44.3) කවීන් ජයවර්ධන 46 (කිත්ම විදානපතිරණ 16/4, ඉසුරු වීරසූරිය 20/2, කවීෂ මෙන්ඩිස් 28/2)

ආනන්ද – කිසිවකු නොදැවී 119 (ඕවර 22.5) කාංචන ද ලිවේරා 64, නෙතුල එදිරිමාන්න නොදැවී 50

නුගවෙල මැදි විදුහලට ලකුණු 56ක ජයක්

නුගවෙල මැදි විදුහල – 234/8 (ඕවර 40) ඉෂාර ඒකනායක 101, මනුල පොල්කොටුව 41, ජනිඳු නන්දනතිස්ස 37, සදීප කෞෂාල් 21, නිලුපුල් හපුගොඩ 20 (චන්දුප සෙනෙත් 44/2, සේසත් තිලකරත්න 55/2)

පොරමඩුල්ල මැදි විදුහල – 178 (ඕවර 34.3) සේසත් තිලකරත්න 57, නවිදු සන්දීප් 38, චදුප සෙනේෂ් 34, චානුක දෙනුවන් 20 (විශල් බැද්දේගම 23/5, සදීප කෞෂාල් 18/2)

කොළඹ සහිරා විදුහලට ලකුණු 29ක ජයක්

සහිරා – 178 (ඕවර 48.3) රොෂාන් කරීම් 100, ඉස්මාත් සයාන් 29 (මධුර භාෂිත 22/3, අමිත සංදීප 21/2)

වත්තල සා. අන්තෝනි – 149 (ඕවර 48.1) විශාල් රුක්ෂාන් 28, ශනෙල් තිමාන 26, මධුර භාෂිත 25, විශ්මිත නිරෝධ 20 (යොහාන් ශාමින්ද 37/3, අබ්දුල් අසීස් 29/2, පවන් ජයවර්ධන 35/2)

රිච්මන්ඩ් විදුහලට කඩුලු 9ක ජයක්

මොරටුව සා. සෙබස්තියන් – 114 (ඕවර 45.4) නදීෂ ප්‍රනාන්දු 37, උෂේන් සිල්වා 23 (යූරි කොත්තිගොඩ 25/5)

රිච්මන්ඩ් – 117/1 (ඕවර 25) චෙහාන් සුබසිංහ නොදැවී 53, හේලිත් එදිරිසිංහ 38, තමිඳු ප්‍රදීප්ත නොදැවී 22

කඳාන දි මැසිනෝද් විදුහලට කඩුලු 8ක ජයක්

මීගමුව මාරිස්ටෙලා – 186 (ඕවර 43.4) ගවීෂ ඉඳුවර 53, රන්දීර ද සිල්වා 34, රමිත් බණ්ඩාර 33 (සවිඳු චන්තුල 25/2, ඩිනෝෂ් ජෙලෝන් 29/2, කවිඳු කෞශල්‍ය 31/2)

කඳාන දි මැසිනෝද් – 192/2 (ඕවර 28.4) උවිඳු පෙරේරා 74, නේෂාන් ඩයස් 60, ජනිත් කරින්ද්‍ර 28

බම්බලපිටිය සා. පීතරයට ජය

කළුතර සිරිකුරුස – 107 (ඕවර 41.3) හිවින් කේනුල 29 (ලෂ්මික පෙරේරා 16/3, රිතිල් සුරවීර 17/3)

සා. පීතර – 108/3 (ඕවර 25.2) ජොශුවා සෙබස්තියන් නොදැවී 51, සවි ප්‍රනාන්දු 40 (හිවින් කේනුල 33/2)

තර්ස්ටන් විදුහලට කඩුලු 4ක ජයක්

රත්ගම දේවපතිරාජ – 94 (ඕවර 45.3) ගිම්හාන් රසාංජන 20 (තනුග පලිහවඩන 12/3, ටලීෂ නානායක්කාර 12/2)

තර්ස්ටන් – 95/6 (ඕවර 26) ශානික්‍ය දේශප්‍රිය නොදැවී 36, ඩිනාල් ප්‍රනාන්දු 20 (චාමින්ද සඳරුවන් 13/2, සඳරු මල්ෂාන් 16/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT