ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා විස්සයි20 ලීග් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් පිට පිට දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට එම කණ්ඩායම සමත් විය.
මෙල්බර්න් රෙනගේඩ්ස් පිලට එරෙහිව ඊයේ සිඩ්නි නුවර පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් මෙල්බර්න් පිල ඕවර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 147ක් රැස් කළ අතර, සිඩ්නි පිල ඕවර 17.3කදී කඩුලු 8ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තේ චමරිගේ වේගවත් අර්ධ ශතකය හේතුවෙනි. පන්දු 54කට මුහුණ දුන් ඇය හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 80ක් රැස් කළාය.
මීට පෙර සිඩ්නි සික්සර්ස් පිල සමඟ පැවැති තරගයේදීත් පිත්තෙන් දස්කම් දක්වා ලකුණු 52ක් රැස් කරමින් ද, පන්දුවෙන් දස්කම් දක්වා කඩුලු 3ක් දවාලමින් ද තරගයේ වීරයා සම්මානය දිනාගත් චමරි මේ තරගයේදීත් එම සම්මානයට හිමිකම් කීවාය.