Home » කුඩු අංජුගේ සහ ඩුබායි අසංගගේ සගයෝ 2ක් අයිස් සහ හෙරොයින් සමඟ මාට්ටු

කුඩු අංජුගේ සහ ඩුබායි අසංගගේ සගයෝ 2ක් අයිස් සහ හෙරොයින් සමඟ මාට්ටු

by mahesh
October 27, 2023 1:00 am 0 comment

දෙහිවල - ඩී. පී. හේරත්

රත්මලාන හා බඩෝවිට යන ප්‍රදේශවල ඉකුත් 24 හා 25 දෙදින තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අයිස් ග්‍රෑම් 12ක් සහ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500ක් සමඟ විදේශගත ‘රත්මලාන කුඩු අංජුගේ’ සහ ‘ඩුබායි අසංග’ යන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනකු ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 24ක් ද බඩෝවිටදී අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 34ක් ද වන බවත් පොලිසිය පැවසීය.

බඩෝවිට පුද්ගලයා ව්‍යාජ නමක් ඉදිරිපත් කර ලීසිය මුළා කර පලා යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වෙනම චෝදනා ගොනුකිරීමක් ද සිදු කළ බවත් පොලිසිය කියයි.

විදේශගත ප්‍රධාන ජාවාරම්කරුවන් ලබාදෙන දුරකතන ඇමතුම් අනුව දීර්ඝ කාලීනව අයිස් සහ හෙරොයින් තොග හා සිල්ලර වශයෙන් රත්මලාන, ගල්කිස්ස, මොරටුව, පානදුර, බොරලැස්ගමුව, දෙහිවල, පිළියන්දල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද පොලිසිය කියයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරී I සමන් ජයසේකර යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (60674) මධුසංක, පොලිස් කොස්තාපල්වරු වන (88247) චින්තක, (34274) පියසිරි යන නිලධාරීන් විසින් සිදුකර‍ෙගන යනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT