කුඩා ලොරි රථයක් තුළ හිංසාකාරී අයුරින් එළුවන් 14 දෙනකු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු හංවැල්ල වනහගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පැවසීය. මස් පිණිස විකිණීම සඳහා නුවරඑළිය සිට දෙමටගොඩ දක්වා මෙම සතුන් රැගෙනවිත් ඇති අතර, සත්ත්ව හිංසනය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබා දීමට ද කටයුතු කළ බවත් පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය. අත්අඩංගුවට ගත් එළුවන් අතර ගැහැනු එළුවන් 10 දෙනෙක්, පිරිමි එළුවන් දෙදෙනකු සහ එළු පැටවු දෙදෙනකු වේ. බලපත්‍ර රහිතව සහ හිංසාකාරී ලෙස එළුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරු සහ සියලුම නඩු භාණ්ඩ ඊයේ (26) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හංවැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලලිත් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (3208) රංග සහ පොලිස් කොස්තාපල් (89124) රත්නායක යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එළුවන් ප්‍රවාහනය කළ අය පොලිසියටත් අල්ලස් දෙන්න හදලා
by mahesh
October 27, 2023 1:00 am
0 comment
පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ මීගොඩ බී. කේ. කත්‍රිආරච්චි
533
මීලඟ පුවත