Monday, April 21, 2025
Home » නිවාඩු ලද නායක ගුවන් භටයා නිවෙසකට පැන ආභරණ උස්සලා

නිවාඩු ලද නායක ගුවන් භටයා නිවෙසකට පැන ආභරණ උස්සලා

by mahesh
October 27, 2023 1:00 am 0 comment

කොටදෙනියාව සමූහ - එම්. පුෂ්පකුමාර

සේවයෙන් නිවාඩු ලබා පැමිණ ගුරුල්ලගම ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී නිවෙසේ තිබූ ආභරණ සොරාගෙන යාමට තැත් කළ නායක ගුවන් භටයකු පෙරේදා (25) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ගුවන් හමුදා කඳවුරේ සේවය කරන බව කියන පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි සැකකරු අක්කර විස්සක් පමණ විශාලව ඇති ඉඩමේ ගේට්ටුව අසළ යතුරු පැදිය නවතා ගේට්ටුවෙන් පැන වත්තට ඇතුළු වනවා අසල්වැසියකු දැක නිවෙස් හිමිකාරිය වෙත දැනුම් දී ඇත. නිවෙස් හිමිකාරිය මේ බව පරීක්ෂා කිරීම සඳහා ගේට්ටුව දෙසට පැමිණි අවස්ථාවේ සැකකරු නිවෙසට ඇතුළු වී අල්මාරියක තිබූ ආභරණ සොරා ගෙන ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. නිවෙස් හිමිකාරිය ගේට්ටුව අසළ තිබූ යතුරුපැදිය අසල්වැසියකු ලවා වත්ත ඇතුළට දමා ගේට්ටුවට ඉබි යතුරු දමා ඇත. මේ අතර නිවෙසට ඇතුළු වූ සැකකරු යතුරුපැදිය ගෙන යාමට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇත.

නිවෙස් හිමිකාරියගේ අල්මාරියක තිබූ රන් පැහැති රුපියල් විසි දහසක් පමණ වටිනා ආභරණ සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු මෙම මස 21 දා සිට 28 වනදා දක්වා නිවාඩු ලබා ඇති බවත් එසේ නිවාඩු ලබා පිටව ගොස් සිටිය දී මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය හෙළි කර ගෙන තිබේ. සැකකරු ඊයේ (26) අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT