අධි ආරක්ෂිත ක්ෂීරපායි සතෙකු වන වැලිමුවෙකු මරා මස් කිරීමට සූදානම් වෙද්දි සැකකරුවන් දෙදෙනෙකු සහ පිහියක් ද, මරණ ලද වැලි මුවා ද සමඟ 25දා අලුයම කට්ටකඩුවේදී අත්අඩංගුවට ගත් බව මීගලෑව වනජීවී කාර්යාලය පවසයි.
මීගලෑව වනජීවී නිලධාරීන් විසින් ගල්ගමුව කට්ටකඩුව ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී අලුයම 4.30ට පමණ වැලිමුවා සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද මීගලෑව වනජීවී කාර්යාලය සඳහන් කරයි.
සැකකරුවන් දෙදෙනා 25දා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් ලෙස රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් ජී. නදීකා ප්‍රියදර්ශනී මහත්මිය නියෝග කළාය. වරද පිළිගැනීමෙන් පසුව මෙලෙස දඩ නියම කෙරුණේ ගල්ගමුව කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචි ඒ.ජේ.එම්. රහුමාන් සහ එස්.එම්. සහනාත් යන දෙදෙනාටය.