රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සීමිත පදනමින් විගණන පරීක්ෂක සේවයේ විගණන නිලධාරී තනතුරට බඳවා ගැනීමට අදාළ සියලු තොරතුරු සමඟ අද (27) නිකුත් කෙරෙන රජයේ ගැසට් පත්‍රය මේ ඉරිදා (29) සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කෙරේ. විගණන නිලධාරී තනතුර සඳහා වන තරග විභාගය 2024 ජනවාරි මාසයේදී පැවැත්වෙන බව ද එමඟින් නිවේදනය කර ඇත. මීට අමතරව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකාර සහකාර තාක්ෂණික සේවා ගණයේ අධිලේඛන සංරක්ෂක හා ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන සංරක්ෂණ පුහුණු කිරීමේ ශ්‍රේණි සඳහා බඳවා ගැනීමේ අයැදුම්පත ද මෙම ගැසට් පත්‍රයට ඇතුළත්ව තිබේ.
එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කම්කරු විනිශ්චය සභා ලඝු ලේඛක තනතුර සඳහා බඳවා ගැනීම පිළිබඳ සියලු තොරතුරු ද මෙම ගැසට් පත්‍රයට ඇතුළත්ව ඇත.