බෝඩ්ලෑලි රැගෙන සටන් පාඨ කියමින් සෑම දෙයකටම විරුද්ධ වන පක්ෂ බලන්නේ බොර දියේ මාළු ඇල්ලීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වෛද්‍ය අධ්‍යාපනයට දායක වීමට පෞද්ගලික අංශයට ඉඩ දෙන විට සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කර විරෝධතා දැක්වීමේ මානසිකත්වයෙන් දේශපාලන පක්ෂ මිදිය යුතු යැයි ද වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“සෑම දරුවකුටම කාර්මික වශයෙන්, වෘත්තීය වශයෙන් හෝ තාක්ෂණික වශයෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්තා පුළුල් කිරීම රජයන්හි යුතුකමක් බැවින් රජය ඒ සඳහා ස්ථීර හා නිසි ක්‍රමයක් සකස් කළ යුතුයි.
අධ්‍යාපනය ලබාදීමට පෞද්ගලික අංශයට ද දොර විවෘත කරන්න සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ගුණාත්මකභාවයෙන් හා ක්‍රමිකව එය ලබා දෙන්නේ දැයි නියාමනය කිරීමයි රජය විසින් කළ යුත්තේ.”