මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළ මාර්ගවල සිදුවන අනතුරුවලින් ළමයින් 115 දෙනකු පමණ මියගොස් ඇති බව රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසයි.
රියැදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම මරණවලට හේතු වී ඇති බව ද හෙතෙම පැවැසීය. 2022 වර්ෂයේදී මාර්ග රිය අනතුරු 2,539ක් වාර්තා වන බව කියා සිටි ඒ මහතා පසුගිය ජනවාරි මස සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා මාර්ග අනතුරු 1,790ක් වාර්තා වන බවත් ඉන් අවුරුදු 18 දක්වා පවතින වයස් සීමාවල ළමයින් 129ක් මියගොස් ඇති බවත් කීවේය.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අවුරුදු 18 දක්වා පවතින වයස් සීමාවල ළමයින් 129ක් මිය යෑම විශාල අපරාධයක් යැයි ද කීවේය.
එමෙන්ම මාර්ග රිය අනතුරුවලින් වැඩියෙන්ම මිය යන්නේ ශ්‍රමිකයන් බවත් යතුරුපැදි අනතුරු වැඩිපුර වාර්තා වන බවත් කියා සිටි අතර මව පියා හෙල්මට් දාගෙන හෙල්මට් නැතිව පුතා හෝ දුව හරි මැද තියාගෙන යන බවත් කියා සිටි ඒ මහතා ආදරේ කියන්නේ කුමක්දැයි තමන් නොදන්නා බවත් කියා සිටියේය.