Home » ගායිකාවට අතවර කළැයි ගිටාර් වාදකයා අත්අඩංගුවට

ගායිකාවට අතවර කළැයි ගිටාර් වාදකයා අත්අඩංගුවට

by mahesh
October 27, 2023 1:00 am 0 comment

ජාඇළ විශේෂ - තිස්ස කොටින්කඩුව

දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායිකාවකට ලිංගික අතවර කරන ලදැයි එම සංගීත කණ්ඩායේම ගිටාර් වාදකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කුරණ ප්‍රදේශයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු වන ජාඇළ තුඩැල්ලේ පදිංචි 32 හැවිරිදි ගිටාර් වාදකයෙකි. පැමිණිල්ල ඉදිරිපත් කළ 28 හැවිරිදි ගායිකාව සන්දර්ශන සඳහා යන බසය තුළදී සැකකරු කායිකව සහ වාචිකව තමාට ලිංගික අතවර කළැයි චෝදනා කර ඇති බව පොලිසිය පවසයි.

ජාඇළ පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත ජාඇළ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති (උ.පො.ප) එස්.රේණුකා මහත්මිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT