මධ්‍යම තැපැල් හුවමාරුව තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (26) ප්‍රකාශ කෙළේය.
රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ඊයේ (26) මධ්‍යම තැපැල් හුවමාරුව තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. මෙම නිරීක්ෂණ චාරිකාවට තැපැල්පති රුවන් සත්කුමාර, මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් අධිකාරි එම්. එච්. එම්. අස්ලම්, විමර්ශන අංශයේ පාලක සංජීව ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විවිධ ක්‍රමවේද යටතේ තැපැල් මඟින් ලැබෙන පාර්සල් විවිධ උපක්‍රම යොදමින් බැහැරට ගැනීමට ඇතැමුන් දරන උත්සාහයන් රැසක් වළක්වා ගන්නට තැපැල් දෙපාර්මේන්තු නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙම ක්‍රියාවලිය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සහයෝගය පැය 24 පුරාම ලබාගැනීම වෙනුවෙන් මෙම කාර්යාලය ස්ථාපිත කරනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඇති අතර, මධ්‍යම තැපැල් හුවමාරුව තුළ පවතින සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පවතින දෝෂ නිවැරැදි කිරීමට මෙන්ම නිවැරැදි ලෙස එම කැමරා පද්ධතිය ස්ථානගත කිරීම ද සිදු කරනවා.
මධ්‍යම තැපැල් හුවමාරුව කියන්නෙ අති විශාල සේවාවක් සිදු කරන මධ්‍යස්ථානයක්. අපගේ තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනයක්. විදේශ රටවල්වලින් එවන පාර්සල් විශාල ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා රටට එනවා. විශේෂයෙන්ම අපි දන්නවා ලෝකය පුරා වගේම අපේ රටෙත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් මේ මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හුවමාරුවීමේදී යම් යම් සිදුවීම් සිදුව තිබෙනවා මාධ්‍ය තුළිනුත් අපි දැක්කා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් හුවමාරුවීමට ඇති අවස්ථාවන් නැති කිරීමට අවශ්‍ය පියවර අපි වහාම ගන්නවා. විශේෂයෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරන්නට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඉතා ඉක්මනින් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කාර්යාලයක් ඉතා ඉක්මනින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. ඒ වගේම සී.සී.ටී.වී. පද්ධතියේ හා දර්ශනවල යම් යම් ප්‍රශ්න තිබෙන බව අවබෝධ වෙනවා. ඒ නිසා සී.සී.ටී.වී. පද්ධතියට අදාළ කැමරා පද්ධතිය විධිමත් කිරීමට හා නිවැරැදි ස්ථානවල ස්ථානගත කිරීමටත් තීරණය කර තිබෙනවා.
ඒ වගේම මධ්‍යම තැපැල් හුවමාරුව හරහා සිදුවන්නේ සංකීර්ණ කටයුත්තක්.මෙම කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ රේගු දෙපාර්තමේන්තුවත් අත්වැල් බැඳගෙන සිටිනවා. ඒ කොහොම වුණත් විවිධ උපක්‍රම යටතේ විවිධ ආකාරයේ වංචනික ක්‍රියාවන් සිදු වෙනවා.