Saturday, April 19, 2025
Home » රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධිත ආයතනවල මහජන දිනය සඳුදා වීමෙන් ජනතාවට ප්‍රශ්න රැසක් ඇති වෙනවා

රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධිත ආයතනවල මහජන දිනය සඳුදා වීමෙන් ජනතාවට ප්‍රශ්න රැසක් ඇති වෙනවා

by mahesh
October 27, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

සියලු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධිත ආයතනයන්හි මහජන දිනය සඳුදා ලෙස සඳහන් වුවද එදිනට බොහෝ රජයේ ආයතනවල පොදු රැස්වීම්, පුහුණුවීම්, ස්ථාන මාරු මණ්ඩල කැඳවීම්, සුබසාධන රැස්වීම් හා උත්සව ආදී වැඩසටහන් යොදා ගැනීම නිසා මහජන දිනයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත් වන බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර් මහතා පැවසීය.

මේ කාරණා හේතුවෙන් බොහෝ දුර සිට පැමිණෙන මහජනතාවට තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීමට නිලධාරීන් හමුවිය නොහැකි බවත් බොහෝ අවස්ථාවල එකම කාර්යයකට දින කිහිපයක් කාර්යාලය වෙත පැමිණිය යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

රජයේ ආයතනයන්හි නිලධාරීන් සිදු කරන මෙම ක්‍රියා කලාපයන් පිළිබඳ ජනතාව මැසිවිලි නඟමින් සිටින්නේ යැයි ද සඳුදා දිනය මහජන දිනය වන නිසා සේවාලාභීන් එදිනට අදාළ කාර්යයන් සඳහා දුර සිට පැමිණෙන්නේ එම කාර්යයට අවශ්‍ය සියලුම නිලධාරීන් එදින හමුවී තමන්ගේ රාජකාරි කටයුතු ඉක්මණින් කර ගැනීමට යැයි ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

සඳුදා දිනට කාර්යාලයේ නිලධාරීන් වෙනත් වැඩසටහන් යොදා ගැනීම නිසා ජනතාව අපහසුතාවයට පත්වීම කනගාටුවට කරුණක් බවත් එබැවින් වහාම මේ පිළිබඳ සොයා බලා මහජන දිනයේදී සේවාලාභීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දී අනෙකුත් වැඩසටහන් සැලසුම් කර ගැනීමට කටයුතු කරන ලෙසට සියලුම රජයේ ආයතන දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT