Home » පංච පුද්ගල වෛද්‍ය වාර්තාව අධිකරණයට යවන්න පෙර තමන්ට ලබා දෙන්න

පංච පුද්ගල වෛද්‍ය වාර්තාව අධිකරණයට යවන්න පෙර තමන්ට ලබා දෙන්න

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණය

by gayan
October 27, 2023 10:15 pm 0 comment

සිරන්ජනී කුමාරි

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ගෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉල්ලයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයේ අවසන් වාර්තාව අධිකරණ නියෝගය ප්‍රකාශ කිරීමට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

මෝසමක් ගොනු කරමින් ෂාෆ්ටර් මහතාගේ පියා, බිරිය හා සහෝදරයින් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම ඉල්ලීම අධිකරණය හමුවේ සිදු කළේය.

පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ නිර්දේශ අනුව ගොඩ ගනු ලැබූ ෂාෆ්ටර් මහතාගේ දේහය දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව යළි භූමදානය සඳහා මරණකරුගේ ඥාතීන් වෙත 11 වැනි දින මුදා හැරිණ.

මේ අනුව මරණකරුගේ බිරිඳ ලබාගෙන ඇති කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ චර්චි ඔෆ් ඉංග්ලන්ඩි නිකායට අයත් භූමියෙන් බිම්කඩක ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය යළි භූමදානය සිදු කෙරිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT