Monday, April 21, 2025
Home » මාළු මිල බසී

මාළු මිල බසී

by mahesh
October 27, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ලින්නා කිලෝව 350යි 
සාලයා 200යි

වෙළෙඳපොළේ මසුන් මිල ගණන් පහත බැස ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෝ පවසති.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවැසුවේ වාරකන් සමය නිම වීමත් සමඟම උතුරු මුහුදු තීරයෙන් සහ දකුණෙන්, මසුන් තොග බහුලව වෙළෙඳපොළ කරා ලැබෙන බවයි.

ඊයේ (26) දිනයේදී පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ තලපත් සහ කොප්පරා මසුන් කිලෝවක් (තොග මිල) රුපියල් 1600කටත් සවරා කිලෝවක් රුපියල් 1200කටත් තෝරා මසුන් කිලෝවක් 1400ටත් ඉස්සන් කිලෝවක (තොග මිල) රුපියල් 1300කටත් ලින්නා කිලෝව රුපියල් 350කටත් අලගොඩුවා කිලෝව රුපියල් 350කටත් හුරුල්ලා කිලෝව රුපියල් 300කටත් සාලයා කිලෝව රුපියල් 200ත් – 150ත් අතර මිලකටත් (තොග මිල) අලෙවි වූ බව ද කුරේ මහතා කීය.

මෙයට සාපේක්ෂව මසුන් සිල්ලර මිලද ප්‍රාදේශීය වශයෙන් පහත බැස ඇතැයි ද ඒ මහතා දිනමිණට කීය. ඊයේ (26) වාලච්චේන සහ මිරිස්ස ප්‍රදේශවලින් කුඩා මසුන් විශාල අස්වැන්නක් ලැබුණු බවට වාර්තා වූ බව ද කුරේ මහතා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT