Wednesday, April 23, 2025
Home » මැදිරිගිරියේ අසරණ පවුලකට සෙනෙහසේ පියසක්

මැදිරිගිරියේ අසරණ පවුලකට සෙනෙහසේ පියසක්

by gayan
October 26, 2023 1:00 am 0 comment

ජාතික යොවුන් සේනාංකය මඟින් ක්‍රියාත්මක කෙරෙන සමාජ සවිබල ගැන්වීමේ තරුණ දායකත්ව ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩුළුගම ග්‍රාම නිලධාරි වසමේ ඉදිකරන ලද 32 වන නිවාසය අගහිඟකම්වලින් පෙළෙන පවුලක් වෙත භාර දීම ඉකුත් 23 වැනි දින වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ සුරතින් සිදුකෙරුණි.

මෙම නිවෙසේ හිමිකාරත්වය පවරා දුන්නේ දියවැඩියාව ඇතුළු රෝගාබාධ රැසකින්ම පීඩා විඳිමින් රැකියාවක් කිරීමට පවා නොහැකිව ඉතා අසරණ තත්වයට පත්ව සිටින මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවකුද සිටින යුත් ආර්.ඩී. විජේසිංහ මහතාගේ පවුල වෙතය. ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ද සහිතව මුදලින් රුපියල් ලක්ෂ 18ක් පමණ වැයකර මැදිරිගිරිය ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ ශ්‍රම දායකත්වය ද සහිතව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකොට තිබේ.

එම අවස්ථාවට සහභාගි වූ ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසුවේ සෙනෙහසේ පියස නිවෙස ලබාදීමෙන් අනතුරුව ඊළඟ පියවර ලෙස ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ස්වයංරැකියාවන් හඳුන්වාදී ඊට යොමු කරවීමත් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරෙන බවය. මෙතැන් සිට මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දෙන සෑම නිවෙසක් සඳහාම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් බැගින් පරිත්‍යාග කිරීමට ද තමා සූදානම් බව ද ඇමැතිවරයා පැවසීය.

ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමර ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT