Home » ගාසා තීරයට ආහාර සහ ජලය අත්හිටුවීමෙන් ඊශ්‍රායලයට ප්‍රතිවිපාක විඳීමට සිදු වෙයි

ගාසා තීරයට ආහාර සහ ජලය අත්හිටුවීමෙන් ඊශ්‍රායලයට ප්‍රතිවිපාක විඳීමට සිදු වෙයි

බැරක් ඔබාමාගෙන් අනතුරු ඇඟවීමක්

by gayan
October 26, 2023 1:00 am 0 comment

ගාසා තීරයට ආහාර, ජලය සහ විදුලිය අත්හිටුවීම වැනි පියවර ගැනීමෙන් ඊශ්‍රායලයට ජාත්‍යන්තර සහාය දුර්වල කිරීමට බලපානු ඇතැයි ද, එවැනි ක්‍රියාකලාපයන් ඉදිරියේදී ඊශ්‍රායලයටම එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ද අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කර තිබේ. යාහූ පුවත් සේවය සඳහන් කරන්නේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරනු ලබන කටයුතු නිසා පලස්තීන ජනතාවගේ ඊශ්‍රායල ආකල්ප පරම්පරා ගණනාවකට විහිදී යනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

යුද්ධයේ මානව විනාශය නොසලකා හරින ඕනෑම ඊශ්‍රායල මිලිටරි උපාය මාර්ගයක් අවසානයේ දැඩි පසුබැසීමකට ලක් විය හැකි බවටත් බැරක් ඔබාමා අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT