දූෂණ වංචා චෝදනාවට හසු වී අගමැති ධුරයෙන් පහ කිරීමෙන් පසු වසර 4ක කාලයක් රටින් පිටුවහල් වී සිට නැවත සිය රට බලා පැමිණි පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශෙරිෆ්ට පෙරේදා ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප නියම කර ඇතැයි වාර්තා වේ. දූෂණ වංචා චෝදනා හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු බලයෙන් පහ කිරීමෙන් පසුව පැවැති නඩු විභාගයකින් වරදකරු වී බන්ධනාගාරගත වී සිටි හිටපු අගමැතිවරයා 2019 වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ බන්ධනාගාරයේදී රෝගාතූර වීමෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට විශේෂ අධිකරණ අවසරයක් ලැබීම හේතුවෙනි. එසේ ලන්ඩන් නුවරට ගිය නවාස් ශෙරීෆ් නැවත පැමිණියේ පසුගියදාය.
තමාට එරෙහි දූෂණ වංචා චෝදනාවෙන් නිදහස ලබා නැවත දේශපාලනයට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන නවාස් ශෙරීෆ්ට එළැඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ.