Home » සමිතගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

සමිතගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

by chanaka
October 25, 2023 9:33 am 0 comment

ශ්‍රී ලංකාවේ සමිත දුලාන්, 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (F64) හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09කි.

චීනයේ හංග්චොව්හිදී පැවැතවෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී නුවන් ඉන්දික ගමගේ සහ ප්‍රදීප් සෝමසිරි ඊයේ රන් පදක්කම් දිනා ගත්හ.

ඊයේ පැවැති (T44) මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයේදී නුවන් ඉන්දික ගමගේ ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 11. 63 කි.

ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 (T46) පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය.

මිනිත්තු 4යි තත්පර 5. 1යි කින් තරගය අවසන් කරමින් ඔහු තරගය අවසන් කළේ, නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 22 වැනිදා චීනයේ හංග්චොව් හිදී ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 28වැනිදා දක්වා පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT