Home » ඉන්දීය-නවසීලන්ත තරගය කෝටි 4.3ක ජනතාවක් නරඹා වාර්තාවක් පිහිටුවයි

ඉන්දීය-නවසීලන්ත තරගය කෝටි 4.3ක ජනතාවක් නරඹා වාර්තාවක් පිහිටුවයි

by mahesh
October 25, 2023 1:00 am 0 comment

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තරගය කෝටි 4.3ක ජනතාවක් සජීවීව නරඹා වාර්තාවක් පිහිටුවයි.

මෙතෙක් පැවැති සියලු වාර්තා බිඳ දමා එම තරගය නැරඹූ බව ලෝක කුසලාන තරගාවලියේ නිල රූපවාහිනී විකාශන ආයතනය වන ‘ස්ටාර් ස්පෝට්ස් නෙට්වර්ක්’ ආයතනය සඳහන් කර සිටි. විශේෂයෙන්ම ‘ඩිස්නි ප්ලස් හොට්ස්ටාර්’ (Disney Plus Hotstar) මඟින් බහු උපාංග හරහා සජීවී හෝ ඉල්ලුම මත ක්‍රිකට් තරග වීඩියෝ ප්‍රවාහ සේවා සපයන බැවින් නරඹන්නන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වී තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් තිබූ ඉන්දියා – පාකිස්තාන තරගය නැරඹීමේ වාර්තාව මේ ඉන්දියා – නවසීලන්ත තරගය විසින් බිඳ දමා ඇත.

ඉන්දියා – පාකිස්තාන තරගය තරගය කෝටි 3.5 ක ජනතාවක් නරඹා තිබිණි. ඕනෑම ක්‍රිකට් ආකෘතියක් සමඟ සසඳන විට, චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර පසුගිය අයිපීඑල් අවසන් තරගය නරඹන්නන් අනුව තුන්වන ස්ථානයට පත්ව ඇති අතර, එය නැරඹූ ගණන මිලියන 3.2කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT