Home » පාසල් පිටියේදී තරුෂිගෙන් නව වාර්තාවක්

පාසල් පිටියේදී තරුෂිගෙන් නව වාර්තාවක්

by mahesh
October 25, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

ආසියානු ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් දිනාගත් තරුෂි කරුණාරත්න ඊයේ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උලෙළේදී නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වූවාය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගාවලියේදී වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල නියෝජන කරමින් එක් වූ තරුෂි කරුණාරත්න අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 ඉසව්ව තත්පර 53.21කි නිමා කළ අතර, ඒ සමඟ 2017 වසරේදී අඹුගමුව මධ්‍ය මහා විදුහලේ යමාලි දුලාංජලී විසින් තත්පර 55.29කි පිහිටුවා තිබූ වාර්තාව බිඳ වැටිණි.

මේ තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ නව තරග වාර්තා 6ක් බිහි වීම කැපී පෙනිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT