Home » බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහලට වසර 68ක්

බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහලට වසර 68ක්

by chanaka
October 25, 2023 11:26 am 0 comment

බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහලට මේ මස 28 වැනිදා ට වසර 68 ක්‌ සපිරේ. ආගමික වැඩසටහන් වලට මූලිකත්වය දෙමින් එය සැමරේ.

ඒ අනුව 26 වැනිදා දහවල් සිට රාත්‍රිය තෙක් පිරිත් දේශනයක් පැවැත්වේ. පසුදා උදෑසන සංඝගත දක්ෂිණාවකි.

පාසලේ ආදී කතුවරුන්ට පින් පැමිණවීම, පාසලේ දරුවන්ට හා ප්‍රදේශවාසීන්ට සෙත් පැතීමද මෙම පුණ්‍ය වැඩසටහන් වල අරමුණු වේ.

විදුහල්පති පිඩලිගන්නාවෙල පඤ්ඤාසීහ ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම සැමරුම් උත්සවය සංවිධාන කෙරේ.

පාසලේ ගුරු මණ්ඩලයේ, දූ දරුවන්ගේ, දෙමාපියන් ගේ හා ආදී ශිෂ්‍ය සංගමයේ දායකත්වය මෙම කටයුතු සඳහා ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT