Home » රඹුක්කන පවුලක් එක් වී පීසීලා හපා කාලා

රඹුක්කන පවුලක් එක් වී පීසීලා හපා කාලා

සමෘද්ධි නිලධාරිනී මව ඇතුළු 4ක් අත්අඩංගුවට

by mahesh
October 25, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

රඹුක්කන තිස්මල්පොළ ප්‍රදේශයේ නිවෙසක මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා පවුලේ අය විසින් පිහියකින් ඇන පහරදී සපා කෑමෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට පෙරේදා (23) ඇතුළත් කර තිබේ.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන නාරංබැද්ද විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරු වන දැරණියගල පදිංචිව සිටින කේ.පී.ඩී.සී.ආර්. රත්නායක (83317) සහ කුලියාපිටියේ පදිංචි ආර්.එච්.කේ. විමලසේන (87900) යන දෙදෙනාය.

රඹුක්කන පොලිස් වසමේ යටගම තිස්මල්පොළ ප්‍රදේශයේ නිවෙසක පුද්ගලයකු හෙරොයින් ජාවාරම් කරන බවට ලද තොරතුරකට රඹුක්කන නාරංබැද්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් පරීක්ෂක වෙලගෙදර නිලධාරියා සමඟ තුවාල ලබා ඇති පොලිස් කොස්තාපල්වරු දෙදෙනා පෙරේදා (23) සවස අදාළ නිවෙසට ගොස් ඇති බව කෑගල්ල පොලිසිය පැවසීය. පසුව පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා උපාය දූතයන් ලෙස පෙනී සිටිමින් හොරොයින් ජාවාරම්කරුගේ නිවෙස ආසන්නයට ගොස් ජාවාරම්කරු මුණගැසී මුදලින් රුපියල් 4,700ක් කියා ඇති හොරොයින් පැකට් දෙකක් රුපියල් 4,500ක මුදල් දී ලබා ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කෑ ගසා ඇති අතර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා තමන් පොලිසියෙන් බව කියා හැඳුනුම්පත් පෙන්වා තිබේ. කෑ ගසන ශබ්දය ඇසී ඇති නිවෙසේ සිටි සැකකරුගේ 59 හැවිරිදි සමෘද්ධි නිලධාරිනියක වන මව, 36 හැවිරිදි උප ගුරුවරියක වන වැඩිමල් සහෝදරිය, 25 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වන බාල සහෝදරයා පැමිණ තිබේ. එහිදී සැකකරු ඇතුළු සිවු දෙනා පහර දී සපා කෑමෙන් හා පිහියකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට තුවාල සිදු කර ඇති බව පොලිසිය පැවසීය. පසුව තුවාලකරුවන් කඳවුරේ වාහනයක් ගෙන්වා පොලිස් පරීක්ෂකවරයා විසින් රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT