Home » විදුලකර ටීවී ආරම්භ වේ

විදුලකර ටීවී ආරම්භ වේ

by mahesh
October 25, 2023 1:00 am 0 comment

කැලණිය කේ. එස්. හැන්නදි

කැලණි විශ්වවිද්‍යාලයේ සන්නිවේදන සහ මාධ්‍ය ඒකකයේ කාර්‍යභාරය අනාගතයේදී තවදුරටත් පුළුල් පරාසයක් කරා රැගෙන යමින් විදුලකර ටීවී නමින් යූටියුබ් නාළිකාවක් ආරම්භ කිරීම 23වනදා උදෑසන එම විශ්වවිද්‍යාල සනාථන සභා රැස්වීම් ශාලාවේ පැවති චාම් උත්සවයකින් පසුව සිදු කරන ලදී.

කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා විසින් පැවැත්වූ අතර, පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන් හා ආදි විද්‍යාර්ථීන් සම්පත්දායකයින් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියේය. සෞඛ්‍ය, ක්‍රීඩාව, කලාව, ව්‍යාපාර සමාජයීය ගැටලු දෙස් විදෙස් සම්මානයට පාත්‍රවූ පුද්ගල චරිතාපදානයන් වැනි අතිශය වැදගත් තොරතුරු රැසක් මෙම විදුලකර ටීවී යූටියුබ් චැනලය ඔස්සේ නැරඹීමට අවස්ථාව උදාවී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT