Home » සිමෙන්ති කොට්ට 1500ක් පන්නලා
හංවැල්ල බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනයකින්

සිමෙන්ති කොට්ට 1500ක් පන්නලා

by mahesh
October 25, 2023 1:00 am 0 comment

මීගොඩ - බී.කේ කත්‍රිආරච්චි අවිස්සාවේල්ල කල්පනී පද්මපෙරුම

– වටිනාකම ලක්ෂ 20යි
– සේවකයෝ 4ක් අත්අඩංගුවට

හංවැල්ල ආටිගල ප්‍රදේශයේ බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනයකින් ලක්ෂ විස්සක් පමණ වටිනා සිමෙන්ති කොට්ට 1500 කට ආසන්න ප්‍රමාණයක් සොරා ගෙන විකිණීම සම්බන්ධයෙන් එම ආයතනයේ සේවකයන් තිදෙනෙකු ඇතුළු සිවු දෙනෙකු පෙරේදා (23) දින අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

මහා පරිමාණ මෙම බිමි ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනය සදහා සිමෙන්ති මිලදී ගැනීමේදී සුවි⁣ශේෂී පැකේජයකට අනුව සකස්කල පැකැට්ටුවක සිමෙන්ති මිලදී ගැනීම සිදුකර ඇති අතර එම සිමෙන්ති කොට්ට දිවයිනේ වෙනත් කිසිදු ස්ථානයක විකිණීමට නොමැති බවට අදාළ ආයතනය සදහන් කළ බවද පොලිසිය පවසයි.

එහෙත් එම සිමෙන්ති කොට්ට තොගයක් කොස්ගම කඩුගොඩ ප්‍රදේශයේ වෙළදසලක විකිණීමට තිබෙන ආකාරය අදාළ සිමෙන්ති ලබා දෙන ආයතනයේ අළෙවි නියෝජිතවරයෙකු දැක ඒ පිළිබදව විමසීමේ දී ලොරි රථයකින් අඩු මුදලකට ගෙනැවිත් ලබා දුන් බැවින් මිලදී ගත් බව පැවසූ නිසාවෙන් සිමෙන්ති අලෙවි

නියෝජිතවරයා විසින් බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනයේ පාලනාධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව එම පාලනාධිකාරිය මගින් මේ පිළිබදව හංවැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබූ බවත් පොලිසිය පවසයි.

ඒ අනුව සිදුකල විමර්ශණයේ දී අදාළ ආයතනයේ හංවැල්ල ආටිගල ශාඛාවේ වැඩ පරීක්ෂකවරයෙකු විසින් ආරක්ෂක නියාමකවරයෙකු සහ ෆෝක් ලිෆ්ට් ක්‍රියාකරවන්නෙකු යොදා ගනිමින් මාස හතරක පමණ

කාළයක සිට මෙම සිමෙන්ති සොරා ගෙන විකිණීමේ ජාවාරම සිදු කර ඇතැයි ද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

අදාළ ආයතනයෙන් කිහිප අවස්ථාවකදී සිමෙන්ති කොට්ට හැට හැත්තෑව බැගින් වරින්වර මෙලෙස සොරා ගෙන ඇති බවත් එලෙස සොරා ගත් සිමෙන්ති කොට්ට එක් කොට්ටයක් රුපියල් 1300 බැගින් වෙළදසල් අටකට පමණ විකුණා ඇති බවත් තවත් ප්‍රමාණයක් ලොරි රථ මගින් පැමිණ අතරමගදී සිමෙන්ති තොග වශයෙන්

රැගෙන ගොස් ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් ඒ අතුරින් සිමෙන්ති කොට්ට සියයකට වැඩි තොගයක් සොයා ගැනීමට හැකි වූ බවත් හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

ඒ අනුව හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ ආයතනයේ වැඩ පරීක්ෂකවරයෙකු වන 39 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු වසර 13 කාළයක් එම ආයතනයේ සේවය කරන්නෙකු බවත් වසර තුනක කාළයක සිට ආටිගල ශාඛාවේ රාජකාරි සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි.

එසේම අදාළ සැකකාර වැඩ පරීක්ෂකවරයාගේ අනුදැනුම මත මුදල් ලබා ගෙන සිමෙන්ති පැටවූ ලොරි රථ ආයතනයෙන් නිදහස් කිරීමට කටයුතු කළ එම ආයතනයේ ආරක්ෂක නිළධාරියෙකු වන අවිස්සාවේල්ල

පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 56 හැවිරිදි පුද්ගලයකු ද සිමෙන්ති කොට්ට ලොරි රථවලට පැටවීමට කටයුතු කළ ෆෝක් ලිෆ්ට් ක්‍රියාකරවන්නකු වන පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ පදිංචිකරුවකු

වන 52 හැවිරිදි පුද්ගලයකු ද අදාළ සිමෙන්ති තොග ලොරි රථයේ පටවා ගෙන ගොස් වෙළදසල් සදහා අළෙවි කළ කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු ද අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අංක 6 සහකාර පොලිස් අධිකාරි අජිත් ගුණවර්ධන, හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර, අපරාධ විමර්ශනය ඒකකයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ධනංජය උප පොලිස් පරීක්ෂක සිසිර පොලිස් සැරයන් 51884 නිශ්ශංක

පොලිස් කොස්තාපල්වරුන් වන 28007 මෛත්‍රීපාල 100087 ජානක 103498 දිල්ෂාන් යන නිළධාරීන් විසින් පරීක්ෂණ පැවැත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT