Home » ලක්ෂ 35ක දේපළ-රන් බඩු කොල්ල කෑ ‘කඩුවෙල ෆෙඩී’ තවත් අයෙකු සමඟ දැලේ

ලක්ෂ 35ක දේපළ-රන් බඩු කොල්ල කෑ ‘කඩුවෙල ෆෙඩී’ තවත් අයෙකු සමඟ දැලේ

by mahesh
October 25, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම බිමල් ජයසිංහ

ප්‍රදේශ රැසක නිවාස බිඳ රන් භාණ්ඩ ඇතුළු රුපියල් ලක්ෂ 35ක දේපළ සොරාගත් “කඩුවෙල ෆෙඩී” නැමැත්තා සහ තවත් පුද්ගලයෙකු හොරයින් සමඟ උඩහමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සොරාගත් රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍ර තුනක් ප්‍රශ්න කිරීමේදී සොයාගත් බව පොලිසිය කියයි.

ඉකුත් කාලය පුරා මිරිහාන පොලිස් වසමේ නිවාස පහක් දිවා රාත්‍රි කාලයේ බිඳ දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් කළ පරික්ෂණ ඔස්සේ මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් ඇතුළු කණ්ඩායමක් සිදුකළ

විමර්ශන මත මෙලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මිරිහාන පොලිස් වසමේ නිවාස 5ක් හා කඩුවෙල සහ පිළියන්දල පොලිස් වසම්වල

නිවාස එක බැගින් ඉකුත් කාලය පුරා බිඳ දේපළ සොරාගත් පුද්ගලයන් බවට හඳුනාගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් සොරා ගත් එම දේපළ සියල්ල රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් වෙත ලබා දී මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට වැඩිදුරටත්

අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT