Home » ශ්‍රී පාලි මණ්ඩපයේ ශාකවලට QR

ශ්‍රී පාලි මණ්ඩපයේ ශාකවලට QR

by mahesh
October 25, 2023 1:00 am 0 comment

අනුරපුර - තිසර සමල්

ශාක හඳුනාගැනීමේ QR කේත වැඩසටහනක් හඳුන්වා දෙමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩප පරිශ්‍රයේ පැළ වර්ග දෙසිය පනහක් (250) රෝපණය කරයි. ශ්‍රී පාලි මණ්ඩපයේ “තිරසාර සංවර්ධන අභිමතාර්ථ”කමිටුව (SDG) විසින් සංවිධානය කළ මේ ව්‍යාපෘතිය කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න සහ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළහ.

QR ක්‍රමය මඟින් ශ්‍රීපාලි පරිශ්‍රය තුළ ශාක හදුනාගැනීමේ මේ වැඩසටහන “හරිත ශ්‍රීපාලි තිරසාර අනාගතයක් කරා”ලෙස නම් කර තිබිණි. මේ වැඩසටහන යටතේ රෝපණය කළ සහ පරිශ්‍රයේ ඇති ශාක මේ QR ක්‍රමය මගින් හඳුනා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. මෙහි ප්‍රධාන දායකත්වය සම්පත් බැංකුව, ශ්‍රී ලංකා යුනිලීවර් සමාගම, සත්නිමා සංවිධානය සහ ලංකා සන්කුයික් ආයතනය එක්ව සිදුකරනු ලබයි. තිරසාර සංවර්ධන අභිමතාර්ථ කමිටුවේ සාමාජිකයින් වන භාරකරු අජිත් රණසිංහ, අමිල ලොකු මාන්නගේ, නයනා සුරවීර, දමිත් ඉද්දමල්ගොඩ යන කථිකාචාර්යවරු සහ සාමාජික විද්‍යාර්ථීන් මෙය සංවිධානය කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT