Wednesday, April 9, 2025
Home » අමුතු තාලයකට සොරකමේ ගිය මාතලානේ හොරා කොටු වෙයි

අමුතු තාලයකට සොරකමේ ගිය මාතලානේ හොරා කොටු වෙයි

by mahesh
October 25, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ

දිවා කාලයේ වසා දමා තිබූ නිවාස දහයක් පමණ කඩා එම නිවාසවලට ඇතුළු වී පිසින ලද ආහාර අනුභවකොට මුදල් පමණක් සොරාගෙන ගොස් සැගව සිටි සොරෙකු මාතලාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය කියයි.

මාතලාන ප්‍රදේශයේ වසා දමා තිබූ නිවාස දහයක් පමණ දිවා කාලයේ කඩා එම නිවාසෙවල තිබූ පිසූ ආහාර හා ශීතකර‍ෙවල තිබූ යෝගට් වැනි ආහාරද කා දමා මුදල් පමණක් සොරා ගෙන ගොස් ඇති බවට නිට්ටඹුව පොලීසියට පැමිණිලි ලැබී තිබිණ.

මේ පිළිබඳව නිට්ටඹුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත හා එහි පොලිස් පරීක්ෂක අතුල මැදවැව යන මහත්වරු ප්‍රමූඛ පොලිස් නිලධාරීන් පිරිසක් දිගින් දිගටම සොරුන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වා ගෙන ගිය නමුත් එය අසාර්ථක වී තිබිණි.

එම නිවාසවල හිමිකරුවන් සොරුන් අත් අඩංගුවට නොගැනීම පිළිබදව නිට්ටඹුව පොලීසියට පසුගිය දිනවල දිගින් දිගටම විවිධ චෝදනා එල්ල කරමින් තිබියදී පෙරේදා (21) පස්වරුවේ ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් මාතලාන ප්‍රදේශයේම නිවසක් වටලා සෝදිසි කිරීමේදී එහි සැගවී සිටි සොරා අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය කීය.

මොහු මාතලාන ප්‍රදේශයේම පදිංචි අවිවාහක විසි හතර හැවිරිදි පුද්ගලයෙකු බවත් මොහු තනිවම ගොස් සොරකම් සිදු කොට ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. එසේ සොරා ගන්නා ලද මුදල් මත් ද්‍රව්‍යය පානය කිරීම සඳහා වැය කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාගේ මෙහෙය වීම යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත, පොලිස් පරීක්ෂක අතුල මැදවැව, පොලිස් සැරයන් වරුන් වන දයාවංශ (24643), වසන්ත (64885), පොලිස් කොස්තාපල් අසංක

(79839), කාන්තා පොලිස් සැරයන් මංජුලා (3618) හා කාන්තා පොලිස් කොස්තාපල් දර්ශනී (7512) යන මහත්ම මහත්මීහු වැටලීමට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT