Wednesday, April 9, 2025
Home » අමෙරිකාවේ රැකියා පෙන්වා ලක්ෂ 42ක් වංචා කළ කතගේ මේජර් සැමියා අත්අඩංගුවට

අමෙරිකාවේ රැකියා පෙන්වා ලක්ෂ 42ක් වංචා කළ කතගේ මේජර් සැමියා අත්අඩංගුවට

by mahesh
October 25, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

ඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිය සමඟ එක්ව රුපියල් ලක්ෂ 42කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ මේජර්වරයෙක් අත්අඩංගුවට ගත්බව පාණදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාණදුර ගොරකාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකාර මේජර්වරයා යාපනය, මුහමලේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් නිලධාරියෙක් බවද පොලිසිය පවසයි.

පාණදුර උතුර පොලිසියට පැමිණිලි 6ක්, පාණදුර දකුණ, දෙහිවල, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ ගල්කිස්ස ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකටද කළ පැමිණිලි කිහිපයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර මේජර්වරයා පසුගිය 10 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණ සිට ඇති බවද පොලිසිය පවසයි.

බිරිය විසින් විවිධ පුද්ගලයන්ගෙන් ලබාගන්නා ලද මුදල් මේජර්වරයාගේ ගිණුමට බැරකර ඇති බවට දැනගන්නට ලැබී ඇතැයි ද පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් පවසා සිටියේය.

සැකකරු පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT