ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරූ ඇස් නොපෙනෙන, වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටින ÒකරපිටියාÓ නමින් හැඳින්වෙන සද්ධන්තයා මේ දිනවල මොරගොල්ලාගම තෙන්නකෝන්ගම අවට ප්‍රදේශවල ගැවසෙන බව හේරත්ගම වනජීවී නිලධාරීහු පවසති.
මෙම අලියාගේ ඉදිරි දකුණු පාදයකට වෙඩි වැදීමෙන් සිදු වී තිබෙන තුවාල හේතුවෙන් කොර ගසමින් අසාධ්‍ය තත්ත්වයක පසුවෙන අතර, ඇස් නොපෙනීම තුළ තවත් අසරණතාවකට පත්ව සිටී.
අලියා අසනීපය නිසා එක් තැනකට වී සිටීමට උත්සහා දරන නමුත් ගම්මු ඒකරාශි වී බැලීමට ගොස් තැනින් තැනට එළවා දමන බවත්, බල්ලන් පවා උසි ගන්වමින් අපහසුතාවලට පත් කිරීම කනගාටුවට කරුණක් බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.
දැනට අලියා තෙන්නකෝන්ගම අවට වැව් පිටියක නිදහසේ රැඳී සිටින අතර වනජීවී පශු වෛද්‍ය අංශයේ නිලධාරින් ගෙන්වා තුවාලවලට කඩිනම් ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.