සිය අනියම් බිරියට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් (9 MM ) ලබාදුන් බව පැවසෙන පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් පෙරේදා (23) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක, මීපේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
විදෙස් රටක නිෂ්පාදිත මෙම ගිනි අවියද ජීව උණ්ඩ 15ක් සමඟින් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් වන එහි එක් ස්ථානයක සටහන් කර තිබූ අංක මකාදමා තිබූ බව පොලිසිය පවසයි.
ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුගේ අනියම් බිරියද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉංගිරිය, අරකාවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි එම සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී, දන්නා හඳුනන ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් එය තමන්ට ලබා දුන් බව ඇය පවසා අත. එම ප්‍රකාශ අනුව කළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරු ස්ථිර රැකියාවක නිරත නොවන පුද්ගලයෙකු බව තහවුරු වූ බවත් පොලිසිය පවසා සිටී.
ගිනි අවිය ළඟ තබාගෙන සිටි තැනැත්තිය සැකකරුගේ අනියම් බිරිය බව විමර්ශනවලදී හෙළිව ඇති අතර, මෙම ගිනි අවිය සැකකරුට ලැබුණු ආකාරය පිළිබඳව සහ එය කිසියම් නීතිවිරෝධී කටයුත්තක් සඳහා යොදා ගත්තේ ද යන්න සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල්, උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න පාදුක්ක ඇතුළු නිලධාරීහු මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.