34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ ජාතික මට්ටමේ ක්‍රිකට් කාන්තා/පිරිමි තරග පසුගියදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී අවසන් විය. මෙහි කාන්තා අංශයේ ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය විසින් දිනාගනිද්දී අනුශූරතාව රත්නපුර දිස්ත්‍රික්කයට හිමි විය. තෙවැනි ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි විය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙම ක්‍රීඩා උලෙළ සංවිධාන කරනු ලබයි.
මෙහි ක්‍රිකට් පිරිමි තරගයේ ශූරතාව හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි වූ අතර, අනුශූරතාව මඩකලපුව දිස්ත්‍රික්කයට හිමි විය. තෙවන ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කය විසින් දිනා ගනු ලැබීය.
34 වැනි ජාතික යෞවන ක්‍රීඩා අවසන් උලෙළ නොවැම්බර් 16, 17, 18 හා 19 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.