Sunday, April 20, 2025
Home » බීඩි කොළ කැඩීමට රක්ෂිතයට ගිය පියා වන අලි ප්‍රහාරයෙන් මරුට

බීඩි කොළ කැඩීමට රක්ෂිතයට ගිය පියා වන අලි ප්‍රහාරයෙන් මරුට

by yasara
October 25, 2023 12:12 pm 0 comment

නිල්ගල වනෝද්‍යානයට බීඩිකොළ කැඩීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි දෙදරු පියෙකු ඊයේ (24)   උදේ 9.00 පමණ වනඅලියෙකු පහරදීමෙන් මියගොස් ඇතැයි කරාඩුගල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කරාඩුගල හමනව පදිංචි තලාබණ්ඩාරලාගේ අමිත් ජයවර්ධන (36) නැමති අයෙකි.

හෙතෙම තවත් තිදෙනෙකු සමඟ ඉකුත් විසිතුන් වෙනිදින බීඩිකොළ කැඩීමට නිල්ගල වනෝද්‍යානයට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී නිල්ගල වනජීවී කාර්යාලය ආසන්නයේ මහදොරුව ප්‍රදේශයේ අඩිපාරකදී වනඅලියා පහරදීමෙන් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත.

අනෙක් තිදෙනා දිවගොස් දිවිබේරාගෙන තිබේ.

මියගිය අයගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT