Home » සෙනසුරාදා අර්ධ චන්ද්‍රග්‍රහණයක්

සෙනසුරාදා අර්ධ චන්ද්‍රග්‍රහණයක්

by mahesh
October 25, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ලබන සෙනසුරාදා (28) රාත්‍රී කාලයේදී විනාඩි 265ක කාලසීමාවකින් යුත් අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවන බව ආතර් සී ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පැවසීය.

මෙය 28 වැනි දින රාත්‍රී 11.31ට ආරම්භ වන අතර අර්ධ චන්ද්‍රග්‍රහණය ආරම්භය 29 අලුයම 1.05 සිට 2.22 දක්වා ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකිය. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණයේ උපරිමය අලුයම 1.44ට දැකබලාගත හැකිය. එහි අවසානය 29 වැනි දින අලුයම 3.56ට සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය නැඟෙනහිර අමෙරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඔස්ට්‍රේලියාව කලාපයන්ට දිස්වේ. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණයේ උප ඡායා චන්ද්‍රග්‍රහණ අවස්ථාවේදී සඳේ සාමාන්‍ය දීප්තියේ වැඩි වෙනසක් දැකබලා ගැනීමට නොහැකි වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT