සංචාරක කලාපවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙහි සඳහන් නිර්ණායක අනුව පමණක් සිදු කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණයට ඊයේ (25) ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
සංචාරක කලාප සඳහා වන මෘදු මත්පැන් බලපත්‍ර ඊට පරිබාහිර ප්‍රදේශවලට ලබාදීමට එරෙහිව ශ්‍රී ලංකා රට බීමහල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් ගොනු කළ රිට් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය මෙම ප්‍රතිඥාව ලබා දුන්නාය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායාස් යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය සඳහන් කළේ මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර ඇමැතිවරයා විසින් 2022 වසරේ ජූලි මස 28 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවය.
2290/24 දරන එම ගැසට් නිවේදනයෙහි ඇතුළත් අන්තර්ගත නිර්ණායකයන්ට අනුකූලව සුරාබදු රීතීන්ට අනුකූලව එම මෘදු මත්පැන් බලපත්‍ර එම කලාපවලට නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන බව ඇය සඳහන් කළාය.