Monday, April 21, 2025
Home » වෛද්‍යවරුන් මෙරට රඳවා ගන්න කටයුතු කරනවා

වෛද්‍යවරුන් මෙරට රඳවා ගන්න කටයුතු කරනවා

by mahesh
October 25, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

වෛද්‍යවරුන් මෙරට රඳවා තබා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට රජය සමඟ එක්ව කටයුතු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

පසුගිය වර්ෂයේ සිදු වූ ආර්ථික ගැටලු සමඟ බුද්ධිගලනයක් සිදු වූ අතර එවැනි අර්බුද ඇති වූ බොහෝ රටවල ප්‍රථමයෙන්ම බලපෑමට ලක්ව තිබෙනුයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බව ද ඇමැතිවරයා පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව මාධ්‍ය ඇමතූ අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (24) කියා සිටියේය.

උගතුන්, බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් රට තුළ සිටින බවත් ලෝකයේ විශාල ඉල්ලුමක් මෙම උගත් බුද්ධිමත් පිරිසට තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මෙම උගත් බුද්ධිමත් සියලුදෙනාගෙන් බහුතරයක් මෙරට පරිසරය තුළ ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් සමඟ ජීවත් වීමට කැමති බවත් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට කැපවීමෙන් යුතුව උපරිමයෙන් කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය.

දැනට තිබෙන මූල්‍ය පරාසය තුළ ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඔවුන්ට මෙරට ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ද ඇමැතිවරයා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT