Home » අධික වැසිත් සමඟ ගෝනවත්ත-අඹගහතැන්න දිය ඇලි හැඩ වෙලා

අධික වැසිත් සමඟ ගෝනවත්ත-අඹගහතැන්න දිය ඇලි හැඩ වෙලා

by mahesh
October 25, 2023 1:00 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනයත් සමඟ දියලුම, දුන්හිඳ, රාවණා, බෝඹුරු ආදී සියලුම දියඇලි වඩාත් සක්‍රියව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා අයුරු දක්නට ලැබේ.

මෙලෙස සංචාරකයන්ගේ නෙතට හසු නොවු දියඇලි දෙකක් වැලිමඩ රජ කදුරුවෙල ප්‍රදේශයේ සුන්දරව ගලා හැලෙන ආකාරය දක්නට ලැබිණ.

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ ගමන් කරන ඔබට ගවරම්මාන හංදියේ සිට විදුරුපොල ගම්මානයට පැමිණ පසු විදුරුපොල වෙල්යාය මාර්ගයේ ගමන් කිරිමෙන් එය නැරඹීමට හැකියාව ලැබේ. යතුරු පැදිවලින් හෝ ත්‍රිරෝද රථ මඟින් එම ස්ථානයට ඉතාමත්ම පහසුවෙන් ගමන් කිරීමට හැකියාව පවතී.

උමාඔයට ජලය සපයන අතු ගංගාවක් වන සීතාඔයෙන් නිර්මාණයවී ඇති එක ළඟ පිහිටි ගෝනවත්ත දියඇල්ල සහ අඹගහතැන්න දියඇල්ල මෙලෙස අඩි පනහකට වඩා උසකින් කඩා හැලේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT