Home » වොෂින්ටන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කමෙන්…

වොෂින්ටන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කමෙන්…

by mahesh
October 25, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම ශ්‍රී ලාංකිකයන් ඇතුළුව විශාල බෞද්ධ බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

වස් සමාදන්ව සිටි කැනඩාවේ ප්‍රධාන සංඝනායක පඤ්ඤාලෝක නාහිමි, විහාරස්ථානාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, ගේදර්ස්බර්ග් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානාධිපති හා මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි නාහිමි, වැයිහේනේ ධම්මසිරි නාහිමි සහ වතුලියද්දේ රතනසීහ හිමිවරුන්ගේ මූලිකත්වයෙන් මේ පින්කම සංවිධාන කර තිබේ.

විශේෂ ධර්ම දේශනා, බුද්ධ පූජාව, බෞද්ධ සංස්කෘතිකාංගවලින් සැදුම්ලත් විචිත්‍ර පෙරහරක් ද වීදි සංචාරය කළ අතර, ධාතුක කරඬුව වැඩම වූයේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සුරතිනි. දහවල් සංඝගත දක්ෂිණාවෙන් පසු පැමිණ සිටි සියලු දෙනාට දිවා භෝජනය ද පිරිනැමිණි.

වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපතිවරයා හා එම කාර්ය මණ්ඩලය, මෙට්‍රොපොලිටන්හි බෞද්ධ සැදැහැවතුන් හා වියට්නාමයේ බෞද්ධයන් පිරිසක් මෙවර පින්කමට දායකත්වය හා අනුග්‍රහය දක්වා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT