ආර්ථික අර්බුදයෙන් මිදීමට ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා පවසයි. එම කැපවීම ශ්‍රී ලංකාව වෙත තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා හේතුවක් වන බව ද ඒ මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදීය.
එහිදී අදහස් දක්වමින් විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි. මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සහාය අගය කරන බවයි. දෙවැනි වාරිකය ගැන සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බව පෙන්වා දුන් ඇමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීම මෙරට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතුවන බව ද පෙන්වා දුන්නේය. විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබාදෙන සහයෝගය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.