Home » ඉලෙක්ට්‍රොනික් වාහන බලපත්‍ර අවභාවිත කළ බවට සැක වාහන 7ක් රේගු භාරයට

ඉලෙක්ට්‍රොනික් වාහන බලපත්‍ර අවභාවිත කළ බවට සැක වාහන 7ක් රේගු භාරයට

by mahesh
October 25, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර

විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීම සඳහා දී තිබූ ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වීමේ බලපත්‍ර අවභාවිත කරමින් ගෙන් වූ බවට සැක කෙරෙන වාහන 7ක් රේගු භාරයට ගත් බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“අලෙවි කළ බවට සැක කෙරෙන මේ වාහන සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අදාළ අවසරය දී තිබූ දිනයේ සිට ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා කාලයේ රථවාහන 119ක් මෙරටට ආනයනය කර තිබෙනවා. එයින් 75ක්ම එකම ආයතනයකින් ආනයනය කර තිබෙනවා. මේ හේතුවෙන් රජය අහිමි කර ගත් ආදායම රුපියල් බිලියන 35ක් පමණ වෙනවා.

වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම, අන්සතු කිරීම, නියමිත පරිදි බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සහ අදාළ රථ වාහන ආනයනය කර ඇත්තේ සැබැවින් ම විදේශ ශ්‍රමිකයන්ගේ මුදල්වලින් ද යන කරුණු හතර ඔස්සේ මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT