රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය ඉරිදා අසනීප වී ඇති බවට පළ වූ වාර්තාවක් ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර ඇත.
ක්‍රෙම්ලිනයේ ආරක්ෂකයෝ පුටින් ඔහුගේ නිදන කාමරයේ බිම වැතිර සිටිනු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙයින් පසු ජනාධිපතිවරයාව විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇත. පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව වහාම වෛද්‍යවරුන් දැනුම් දී ඇතැයි ද පළ වූ වාර්තාවල සදහන්ව තිබුණි.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සිනා සෙමින් පැවසුවේ, “ඔහු හොදින්. මෙය සම්පූර්ණයෙන්ම තවත් ව්‍යාජ එකක්,” යනුවෙනි.
පුටින් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින විට ඔහු වෙනුවෙන් තවත් අයෙකු නැතිනම් ශරීර ද්විත්වයක් භාවිතා කළ බවට දිගින් දිගටම පැතිර යන කටකතාව සිනා සෙමින් දිමිත්‍රි පෙස්කොව් ප්‍රතික්ෂේප කර ඇත.
ජූඩෝ ලෝලියෙකුවන පුටින් ඔක්තෝබර් 7 වැනිදා 71 වන වියට පා තැබීය.