762
චීනය සිය ආරක්ෂක අමාත්‍යවරයාවන ජෙනරාල් ලී ෂැංෆු, එම ධුරයෙන් නෙරපීමට ඊයේ (24) කටයුතු කර ඇත.
ඒ අනුව ජෙනරාල් ලී ෂැංෆු මාස තුනක කාලය තුළ තනතුරකින් ඉවත්කළ දෙවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියා බවද සඳහන් වේ.
ඔහුව ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන්ද ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මාස දෙකක් පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනෙන්නට නොසිටි බව සඳහන්වේ. මාර්තු මාසයේ කැබිනට් සංශෝධනයකදී ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වූ ලී, අගෝස්තු 29 වැනි දින දේශනයක් පැවැත්වීමෙන් පසුව දක්නට ලැබුණේ නැත.
මීට පෙර පසුගිය ජූලි මාසයේදී චීන විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චින් ගැන් ද එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.