Home » ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනමෙන් ශ්‍රී ලංකාවට සහාය

ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනමෙන් ශ්‍රී ලංකාවට සහාය

by yasara
October 25, 2023 3:58 pm 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනමේ උප සභාපති ලියු වෙන්කුයි (Liu Wenkui) මහතා අතර හමුවක් අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණී.

දරිද්‍රතාවය තුරන් කිරීම, ග්‍රාමීය උන්නතිය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සම්බන්ධයෙන් චීනයේ සාර්ථකත්වය ආදර්ශමත් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය. “ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රයත්නයන් සඳහා චීනය ලබා දෙන විශාල දායකත්වයට ස්තූතිවන්ත වන බව   අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බීජිං සංචාරයේදී  ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදෙන බවට ෂී. ජින්පින්ග් (Xi Jinping ) ජනාධිපතිවරයා ලබාදුන් සහතිකය පිළීබඳව  අග්‍රාමාත්‍යවරයා චීනයට කෘතඥතාව පළ කළේය.

ලියු වෙන්කුයි (Liu Wenkui) මහතා පැවසුවේ තම පදනමට ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බැවින්, ස්වයංපෝෂිතභාවය, ග්‍රාමීය අඩු ආදායම්ලාභී පවුල් නඟා සිටුවීම සහ අපනයන ඉහළ නැංවීම යන බහුවිධ ඉලක්ක සඳහා ග්‍රාමීය ඵලදායිතාව ඉහළ නැංවීමට  ශ්‍රී ලංකාවට සහාය විය හැකි බවයි.

ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනම දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාමීය පාසල්වල ප්‍රාථමික පාසල් දරුවන් සඳහා වියළි සලාක ඇසුරුම් ලබාදෙන බව ඒ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, චීන තානාපති කී. ෂෙන්හොං (Qi Zhenhong), අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, චීන පදනමේ අධ්‍යක්ෂසෝ ෂිකියෑං( Zou Zhiqiang) යන මහත්වරු සහභාගි වූහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT