Saturday, April 19, 2025
Home » චෙක් ජනරජයේ සිට ශීත ඍතු ගුවන් ගමන් කටුනායකට පැමිණෙයි

චෙක් ජනරජයේ සිට ශීත ඍතු ගුවන් ගමන් කටුනායකට පැමිණෙයි

by yasara
October 25, 2023 1:03 pm 0 comment

2023 වසරේ ලෝකයේ  ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight ) අද (25) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම සදහා පෝලන්ත ලොට් ගුවන් සේවයේ ( L.O.T. ) ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය අද අලුයම 06.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

එහිදී මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා පිළිගැනීම සිදු කළ අතර , මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සාම්ප්‍රදායික නර්තන මගින් පිළි ගෙන ඔවුන් වෙත සමරු ත්‍යාග පිරිනැමීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සහ මෙරට සංචාරක නියෝජිත ආයතන කටයුතු කර තිබුණි .

මෙම විශේෂ ගුවන් සේවා යානා එරට ශීත ඍතුව පහව යන තෙක් , එනම් එළඹෙන 2024 වසරේ මාර්තු මස 26 දා තෙක් , චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් රැගෙන  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT