794
ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් චීනයේ ෂියෑං සික්ස්(Shi Yan 6) නෞකාව කොළඹ වරායට අද(06) සේන්දුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
මීට පෙර සඳහන් වුණේ එම නෞකාව ලබන නොවැම්බරයේ දිවයිනට පැමිණෙන බවයි.
එහෙත් නෞකාව පැමිණීමට අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
“Shi Yan 6” නෞකාව භූ භෞතික ගවේෂණය සඳහා භූ කම්පන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව සහිත නවීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවකි.
එම නෞකාව නාරා ආයතනය සමඟ එක්ව පර්යේෂණයක් සිදුකිරීමට ද නියමිතය.
ඒ අනුව “Shi Yan 6” නෞකාව දින 25ක පමණ කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බව වාර්තා වේ.