Home » ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමක් ශී‍්‍ර දළදා මාළිගාවේදී

ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමක් ශී‍්‍ර දළදා මාළිගාවේදී

by chanaka
October 25, 2023 12:09 pm 0 comment

තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදු හා අතුරුදහන් වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවයක් පැවැත්වේ.

ඉකුත් 22 හා 23 දිනයන්හීදී මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණ.

මෙම බෞද්ධ ආගමික උත්සවය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය සියලූම රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබයි.

මෙහි ප‍්‍රථම දිනය වු 2023 ඔක්තෝම්බර් මස 22 වැනිදා සවස ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වු අතර 23 වැනිදා අමුතු මුලූතැන් බුද්ධ පූජාවක් සහ මහා සංඝරත්නය උදෙසා අස්ඨපරිස්කාරක සපිරිකර සාංඝීක මහා දානය ක් ද පිරිනමන ලදි.

මෙම ආගමික උත්සවය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය,ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන්,ජ්‍ය්ෂ්ඨ නිළධාරීන් හා සෙසු නිලයන් මෙන්ම ගුවන් හමුදා සේවයේ යෙදි සිටියදි මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT